කළු කුහරයකින් ගැබ්බර වූ ඇන්ඩ්‍රොමීඩා
විශ්මය දනවන සුළු ආකාශ
වස්තු ප‍්‍රකෝටි ගණනකින් මේ මහා විශ්වය පිරී ඇත. චක‍්‍රවාට, තිහරිකා, තරු
පොකුරු, තාරකා වළලු වැනි අද්භුතජනක සැඟැවුණු ආකාශ වස්තූන්ගෙන් ගැබ්බර වී
ඇති අපරිමිත වූ මේ මහා විශ්වය පිළිබඳව අප දන්නා දේ බොහෝ ය. නොදන්නා දේ
අපරිමිත ය. කළු කුහර යනු ගැඹුරු විශ්වයෙ හි සැඟ වී ගිය එවැනි අපූර්වතම
ග‍්‍රහ වස්තුවකි. තරුවක මිය යෑමෙකි. අවසානය කළු කුහරය වේ. අප සූර්යයා ගේ
ස්කන්ධය මෙන් දස ගුණයකට වැඩි සෑම තාරකාවක් ම තම ජීීවිතය අවසන් කරනු ලබන්නේ
කළු කුහරයක් ලෙසිනි. කළු කුහරවල ගුරුත්වාකර්ශන බලය ඉතා ඉහළ අගයක් ගනී. එහි
ගුරුත්වාකර්ශන බලයේ ප‍්‍රමාණය කොපමණදැයි කිවහොත් ඒ වෙතට පැමිණෙන ආලෝක
කිරණයකට පවා ගැල වී යාමට ඉඩ නොදී තමා වෙතට ආකර්ශනය කර ගනී. කළු කුහර සතු
මෙම අධික ගුරුත්වාකර්ශන බලය හේතුවෙන් ඒ අවට පිහිටා ඇති අනෙක් ආකාශ වස්තූන්
ගේ පිහිටීමෙහි ද යම් යම් වෙනස්කම් දක්නට ලැබෙන බව ඒ පිළිබඳව පර්යේෂණ කරනු
ලබන විද්‍යාඥයෝ පවසති. මේ මුළු මහත් වූ විශ්වයෙන් කළු කුහරයක් සඳහා ලබා ගනු
ලබන ඉඩ ප‍්‍රමාණය ඉතා කුඩා වුවත් එහි ස්කන්ධයේ ප‍්‍රමාණය සිතාගත නොහැකි
තරම් විශාල වේ. එනම් එහි තේ් හැන්දක ප‍්‍රමාණයේ බර ටොන් ගණනක් වන බව කරන ලද
පර්යේෂණවලින් හෙළිවී ඇත.
සාමාන්‍යයෙන් තාරකාවක් රතු යෝධ අවධිය ට
පැමිණෙන විට එහි අභ්‍යන්තරයේ තිබූ හයිඩ‍්‍රජන් හා හීලියම් න්‍යෂ්ටික
ප‍්‍රතිකි‍්‍රයා සිදු වීම අහවර කරයි. එනම් සියලු ම හයිඩ‍්‍රජන් න්‍යෂ්ටි
හීලියම් න්‍යෂ්ටි බවට පත්වී හමාර ය. මේ හේතුව නිසා තාරකාව තුළ ඇති සියලුම
හීලියම් න්‍යෂ්ටි කාබන් න්‍යෂ්ටි බවට පත් කරනු ලබන අතර ඒ මඟින් තාරකාවේ හරය
තව තවත් ප‍්‍රසාරණය වීමට පටන් ගනී. ටික කලක් ගත වන විට ප‍්‍රසාරණය වන හරය
සිසිල් තත්ත්වයට පත්වී ක‍්‍රමයෙන් නිශ්චිත ප‍්‍රමාණයක් ගනී. ඉන් පසුව
ඉතිරිව ඇති කාබන් හරය නැවතත් සංකෝචනය වීමට පටන්ගනී. මේ හේතුව නිසා නැවතත්
එහි හරයේ උෂ්ණත්වය ඉහළ අගයක් ගනී. මේ ආකාරයට උෂ්ණත්වයේ ප‍්‍රමාණය අඩු වැඩි
කරමින් කීප වරක් ප‍්‍රසාරණය වන තාරකාවේ පිටත ස්ථරය පුපුරා යයි. එම පිපිරීමේ
දී විශාල ශක්තියක් පිට කරනුු ලබන අතර එයින් ඉතිරි කරන කොටස සුපර්නෝවාවක්
ලෙස හඳුන්වනු ලබයි. මේවායෙ හි ශක්තිය ඉතා අධික ප‍්‍රමාණයක් වන අතර දීීප්තිය
ද සාමාන්‍ය තාරකාවක දීප්තියට වඩා බොහෝ සෙයින් වැඩි ය.අප සූර්යයා ගේ
ස්කන්ධය මෙන් තුන් ගුණයකට වඩා වැඩි තාරකාවක් මෙලෙස සුපර්නෝවාවක් බවට පත්
වුණත් එය තවත් සංකෝචනය වී ප‍්‍රමාණයෙන් කුඩා වස්තුවක් බවට පත් වේ. එහි
ප‍්‍රමාණය පරමාණුවකටත් වඩා කුඩා වන අතර ඒ වන විට එහි ඝනත්වය හා
ගුරුත්වාකර්ශනය ඉතා ඉහළ අගයක් ගනී. මේ අවස්ථාවේ දී පවතින එම කුඩා පදාර්ථයට
නම් තබා ඇත්තේ කළු කුහරයක් ලෙසයි.කළු කුහරයක් යනු අපූරු ආකාශ වස්තුවකි. එය
හඳුනාගැනීම තරමක් අපහසු ය. විශ්වයෙ හිි පිහිටා ඇති අනෙක් ආකාශ වස්තූන්ට
සාපේක්ෂව කළු කුහර පිළිබඳව මිනිසා දන්නා දේ බොහෝ සෙයින් අඩු වී ඇත්තේ එහි
පවතින අඳුරු ස්වභාවය නිසා ය. ග‍්‍රහලොවක් තරුවක් වැනි ආකාශ වස්තුවක් සොයා
ගන්නා ආකාරයට දුරේක්ෂ භාවිතයෙන් නව කළු කුහරයක් හඳුනාගැනීම තරමක් අපහසුය.
මේ සඳහා ඔවුන් විශේෂිත ක‍්‍රමයක් භාවිත කරනු ලබයි. කළු කුහරය අවට පවතින
ග‍්‍රහ වස්තූන්්ගේ හැසිරීම් රටාවන් නිරීක්ෂණය කිරීමෙන් එම ස්ථානයෙ හි කළු
කුහරයක් පවතී ද, නැද්ද යන්න තීරණය කරනු ලබයි.සාමාන්‍යයෙන් කළු කුහරයක්
පිහිටා ඇත්තේ මණ්දාකිණියක මධ්‍යයට වන්නට ය. අප සෞරග‍්‍රහ මණ්ඩලය අයත් වන්නා
වූ ක්ෂීරපථ චක‍්‍රාවාටයෙ හි ද මෙවැනි කළු කුහර කිහිපයක් දක්නට ලැබෙන බව
තාරකා විද්‍යාඥයෝ පවසති. ඊට අමතරව අප ක්ෂීරපථයට ආසන්නව පිහිටා ඇති වෙනත්
මණ්දාකිණි කිහිපයක ද කළු කුහර කිහිපයක් නිරීක්ෂණය කිරීමට ද තාරකා
විද්‍යාඥයෝ සමත් වී ඇත. ඇන්ඩ්‍රොමීඩා යනු එවැනි එක් මණ්දාකිණියකි.
ඇන්ඩ්‍රොමීඩා තුළ කළු කුහර අඩංගු වී ඇති බව මෑතක දී සිදුකරන ලද
පර්යේෂණවලින් අනාවරණය වී ඇත.
අනෙක් මණ්දාකිණිවල මෙන් ම ඇන්ඩ්‍රොමීඩා
ගේ කළු කුහරය ද පිහිටා ඇත්තේ එහි මධ්‍යයට වන්නට ය. මීට දශකයකට පමණ පෙර
ඇන්ඩ්‍රොමීඩා මණ්දාකිණිය පිළිබඳව පර්යේෂණ කරනු ලැබූ විද්‍යාඥයින්ට පෙනී
ගියේ එහි මධ්‍යයට වන්නට පිහිටා තිබූ ආකාශ වස්තූන් ගේ් හැසිරීම් රටාවෙ හි
විවිධවූ වෙනස්කම් රාශියක් දක්නට ලැබෙන බවකි.ඇන්ඩ්‍රොමීඩා ගේ මධ්‍යයට වන්නට
පිහිටා තිබූ සියලු ම ආකාශ වස්තු එහි මධ්‍යය වටා වේගයෙන් භ‍්‍රමණය වෙමින්
තිබුණි. ඒ පිළිබඳව වැඩිදුරට පර්යේෂණ කරනු ලැබූ ඔවුන් නිගමනය කළේ
ඇන්ඩ්‍රොමීඩා මධ්‍යයෙහි විශාල ස්කන්ධයක් සහිත ග‍්‍රහ වස්තුවක් පිහිටා ඇති
බවය. නිල්පාට ආලෝක ධාරාවක් විහිදුවමින් පවතින මෙම අද්භුතජනක ග‍්‍රහ වස්තුව
කුමක්දැයි යන්න ඔවුන් දැන නොසිටිය හ. මෙය ප‍්‍රබල ගුරුත්වාකර්ශණ බලයකින් ද
යුක්ත බව පැවැසූ ඔවුන් ඒ පිළිබඳව වැඩි දුරටත් පර්යේෂණ කළහ. තත්ත්වය එසේ
වුවත් මෑතක් වන තෙක් ම එය කළු කුහරයක් යැයි දැනගැනීමට ඔවුන් සමත් වූයේ නැත.
දශකයකට පමණ ආසන්න කාලයක් ඇන්ඩ්‍රොමීඩා ගේ මධ්‍යය පිළිබඳව පර්යේෂණය කළ
විද්‍යාඥයෝ නිල්පාට දීප්තිමත් එළිය විහිදවූයේ කළු කුහරයක් බව සොයා ගන්නා
ලදී. ඔවුන් ගේ මෙම පර්යේෂණ කටයුතු සඳහා උදවු උපකාර කරනු ලැබූවේ හබල්
අභ්‍යවකාශ දුරේක්ෂයයි.හබල්ට අනුව ඇන්ඩ්‍රොමීඩා මධ්‍යයෙ හි නිල්වන්
දීප්තියක් ආලෝකයක් ලෙස දිස්වී ඇත්තේ මීට අවුරුදු මිලියන දෙසීයයකට පමණ පෙර
උපත ලද තරු එකතු වී සෑදුණු තාරකා වළල්ලකිණි. තවමත් තරුණ වියෙ හි පසුවන
තාරකාවලින් සැදුම්ලත් වී ඇති මෙම තාරකා වළල්ල ඇන්ඩ්‍රොමීඩා ගේ මධ්‍යය වටා
කරකැවෙමින් පවතී. සෞරග‍්‍රහ මණ්ඩලයෙ හි ඇති ග‍්‍රහලෝක අට සූර්යයා වටා
පරිභ‍්‍රමණය වෙමින් පවතින ආකාරයට ඇන්ඩ්‍රොමීඩා ගේ මධ්‍යය වටා පරිභ‍්‍රමණය
වන මෙම තාරකා වළල්ල තාරකා විශාල සංඛ්‍යාවක එකතුවකින් සෑදුණු එකකි. මෙහි
අඩංගු වී ඇති තාරකා පැයට කිලෝමීටර් දහසක් පමණ වේගයෙන් මණ්දාකිණියෙහි මධ්‍ය
වටා චලනය වන බව සොයාගෙන ඇත.මෙම තාරකා වළල්ලක් ආකාරයට සැකසීමට හේතුව වශයෙන්
ඉදිරිපත් කර ඇත්තේ් එහි මධ්‍යයෙ හි පිහිටා ඇති අධික ගුරුත්වාකර්ශණ බලයකින්
හෙබි කළු කුහරයයි.
මේ තාරකා වළල්ලෙහි පිහිටා ඇති සෑම තාරකාවක් ම එම
ප‍්‍රබල ගුරුත්වාකර්ශණයට හසුවී ඇති බව කරන ලද පර්යේෂණවලින් අනාවරණය විය.
මණ්දාකිණියේ මධ්‍යය වටා කරකැවෙමින් පවතින මෙම තාරකා වළල්ල අධික උණුසුම්
තාරකා දෙදහසකින් පමණ සැදුම්ලත් වී ඇත. එහි පිහිටා ඇති තාරකා පැයට කිලෝමීටර්
දහසක් තරම් අධික වේගයකින් පරිභ‍්‍රමණය වීමට නම් ඇන්ඩ්‍රොමීඩා මධ්‍යයෙහි
පිහිටා ඇති කළු කුහරය අධික ස්කන්ධයකින් යුක්ත විය යුතු බව විද්‍යාඥයින්ට
පෙනී ගිය අතර එය සූර්යයා ගේ ස්කන්ධය මෙන් මිලියන එකසිය පනහකට වඩා වැඩි
ස්කන්ධයක් සහිත කළු කුහරයක් ඇන්ඩ්‍රොමීඩා විසින් දරා සිටින බව පසුව අනාවරණය
විය.
No comments:
Post a Comment